සමනලයා පද්‍ය රසාස්වාදය
කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන ප්‍රබල කවියෙකු වන සාගර පලන්සූරිය (කේයස්) කවියාගේ සමනලයා පද්‍ය පන්තිය රසාස්වාදය කරමු.
සමනලයා පද්‍ය රසාස්වාදය
ක්‍රි.ව.1908 මාර්තු 11 රත්නපුර කලල්ඇල්ලේ උපත ලැබූ මොහු අවුරුදු 12 දී කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි දිවියට පත් විය. පසුව උපවැදි වී කේයස් නමින් ප්‍රසිද්ධ ව විවිධ වෘත්තීන් හි යෙදෙමින් කාව්‍යකරණයට ද පිවිසියේය. කොළඹ කවියේ දෙවැනි කාව්‍ය තරංගය තුළ ප්‍රබලයකු වූ මෙතුමා සුදෝසුදු වැනි කවි කතාද, ගොවි පෙරමුණ, මල්හාමි ආදි වූ පද්‍ය ග්‍රන්ථ ද රචනා කරමින් කොළඹ දෙවන කාව්‍ය තරංගය හැඩ කළේය. ඔහුගේ බොහෝ නිර්මාණ සමාජ ස්ථරයේ පාත මාලයේ අය නිතර දකින ඒවා විය. සරල බස් වහරත් සංෂිප්ත බවත් මොහුගේ නිර්මාණ ප්‍රධාන ලක්ෂණයි.
ගස් බෙනයකට වී ඉගිල යාමට පුන පුනා බලා සිටින කුරුලු පැටවකු හා එම කුරුලු පැටියාගේ සිතුවිලි මෙම පද්‍යය සඳහා කාව්‍යානුභූතිය වී ඇත. කුරුලු පැටියාගේ උත්සාහය සාර්ථක වීම නිසා කුරුලු දෙමාපියන් පැමිණෙන විට පැටියා කූඩුව තුළ නොසිටීමෙන් එම දෙමාපියන්ට ඇතිවන ශෝකය පදනම් කරගෙන කරුණා රසය ඇති කරවා දීම මෙම පද්‍යයේ අරමුණයි.
බිඟු කැල උරයි වනමල් රොන් රසය නවන්
එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන්
කථකයා විසින් සමනලයා වෙත ආමන්ත්‍රණය කරනු ලබන ස්වරූපයෙන් වර්ණිත පළමු පද්‍යයෙන් සජීවි බවක් මැවෙයි. කාව්‍ය අන්තයෙහි සමනල මිතුර යන ආමන්ත්‍රණයෙහි කථකයා හා සමනලයා අතර පවත්නා සමීපතාව ධ්වනිත කරයි. එයින් ළමා මනස ද පිබිදෙයි. අහසෙහි උණුසුම් ළා හිරු රැස් බැබළීමත් වනමල් වෙත ඇදෙන භෘංගයින් ද කෙරෙහි ආශාව වර්ධනය නොකොට තමා යන ගමනෙහි නියුක්ත වන ලෙස කථකයා සමනලයාට කී අයුරු මනහරය.
සුබසිරි හඳුන්වාදුන් සුපුරුදු වෙලාවක
සිඹ සිඹ කුඩා ගස් වනමල් බලානෙක
නුඹ ආ ගමන සී පද ගායනාවෙක"
කවියා සමනලයා පැමිණි ගමන් මඟ ගෙනහැර දක්වන්නේ රූපකාර්ථවත් පද භාවිතයක් මෙන්ම අනුප්‍රාසාත්මක පද භාවිතයක්ද උපයුක්ත කර ගනිමින්ය. "දඹ රන් සුනෙන් හෙබි සිරියල් තලාවක" යන්නෙන් ඉතා පිරිසිදු රත්තරන් කුඩු අතුරා ඇති සිරියහන් තලාවක් සහෘදයා ඉදිරියේ මවා පායි. ඒත් සමඟම සුභ ගමනක සේයාව හඳුන්වාදෙමින් නෙකවිධ ගස් වැල අතර ඇති නානාවිධ මල් බලා සමනලයා පැමිණි අයුරු නැවත නැවත සංකල්ප රූප නංවන්නකි. මෙහි "සිඹ සිඹ" යන්න අනුප්‍රාසාත්මක පද භාවිතයකි. එමෙන්ම සමනලයා පැමිණි ගමන "සී පද ගායනාවෙක" යනුවෙන් දක්වා තිබීමෙන් සමනලයා පැමිණි ගමන් මඟ කොතරම් අපූර්වතම කාව්‍යාත්මක බවින් ගෙනහැර දක්වා ඇති ද යන්න විෂද වේ.
රාං කුරුල්ලන් තුති ගී ගයද්දී
පාන්දර හීන් හිරි කඩ වැටෙද්දී
නේන් හඳුනන්නට බෑ මල් පිපෙද්දී "
කථකයා ළමා පද්‍ය රචනයෙහි ළමා ලොව රජයන වස්තූන් සේ ම ළමයින්ට ගෝචර සංසිද්ධීන් වැනීමට තරම් විමසිලිමත් වී ඇත. හේන් වල ලගින මුවන් ද හඬ නගන රාං කුරුල්ලන්ද හිරිකිඩ වැටෙන හිමිදිරියත් ගැමි පරිසරයක් චිත්‍රණය කරයි. එහි දී කවියා අවස්ථෝචිතව බස වෙනස් කරන අයුරු විශිෂ්ටය. පෙර පද්‍යන්හි පැරණි බස් වහරට නම්‍ය වූ කවියා ගැමි ජන දිවිය වැනීමේ දී ජන රීතියට නම්‍ය වූ අයුරු ළගන්නා සුළුය.
මල් වාරමක ගතියෙන් නැළවෙවී වරෙන්
කවුරුත් නුඹට ආදරයයි එදැන වරෙන්
සමනොළ පුෂ්පරාගය මා ළඟට වරෙන් "
කවියා පද්‍ය පන්තියේ නිමාව සනිටුහන් කරන්නේ සමනලයාට නැවත හෘදයාංගමව ආමන්ත්‍රණය කරමිනි. එය නිර්මාණයේ අතිශය සංකල්ප රූප නංවන අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. එතකින් නොනැවතී රූපකාර්ථවත් පද භාවිතයකින් සමනලයාගේ ප්‍රියකරු බව ගෙන හැර ඇති අයුරු දැකගත හැකිය. "සමනොල පුෂ්පරාගය මා ළඟට වරෙන්" යනුවෙන් අවසාන ආමන්ත්‍රණය අපූර්වතම සංකල්ප රූපයකි. සමනලයා පුෂ්පරාග මාණික්‍යකට සමාන කොට ඇත. මෙයින් සමනලයාගෙ වටිනා බවත් අලංකාර බවත් ප්‍රත්‍යමාන කරයි.
මෙනයින් බලන කල සිවුපද ආකෘතිය වහල් කොට චිරන්තන බස් වහරත් ජනවහරත් එකට මුසු කරගනිමින් සමනලයකු පිළිබඳ වාග් චිත්‍රයක් මවන පැදි පෙළක් වන අතරම තම අරමුණු සාර්ථක කර ගැනීමට සමත් පද්‍ය පන්තියක් ලෙස "සමනලයා" පද්‍ය පන්තිය අගය කල හැකිය.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
Comments